ගෑස් නැවක් 19 වැනිදා හම්බන්තාටට - ලාෆ්ස් සභාපති

ගෑස්වලින් හෙම්බත්වූවන් භූමිතෙල් පෝලිම්වල..

by Staff writer 14-08-2021 | 10:48 PM

COLOMBO (News 1st) - කොළඹ අවට ස්ථාන කිහිපයක භූමිතෙල් පෝලිම් දක්නට ලැබුණි.

බොහෝ නාගරික නිවාස එකිනෙක යාබදව පිහිටීම නිසා දර ලිප් භාවිත කළ නොහැකි පිරිස් මෙලෙස භූමිතෙල් මිලදී ගැනීමට පැමිණ සිටියහ. මෙවන් භූමිතෙල් පෝලිම් කිහිපයක් ඔරුගොඩවත්ත, පිළියන්දල ඇතුළු ස්ථාන කිහිපයක දක්නට ලැබුණි. ගෑස් මිල වැඩි කරන ලෙසට දිගින් දිගටම කරන ලද ඉල්ලීම්වලට අනුව රජය පසුගියදා කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් වැඩි කිරීමට ලාෆ්ස් ගෑස් සමාගමට පමණක් රජය අනුමැතිය ලබා දුන්නේ ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා,
එක පැත්තකින් කියනවා ලාෆ්ස් සමාගමට එහෙම අවසර දුන්නට ලිට්‍රෝ ගෑස් එක පෙන්වමින් මෙයාගේ නම් මිල වැඩි කරන්නේ නැහැ කියලා. ඔව් මෙයාගේ මිල වැඩි කරල නැහැ හැබැයි මෙයාගෙ බර අඩු කරලා තියෙනවා. එක පැත්තකින් බර අඩු කරන කොට ඉතිං මිල වෙනස් කරන්න ඕනේ නැහැ. මේවා දීපියව් කියන තැනට පත් වුණාට පස්සේ මිල වැඩි කරන එක තමයි දැන් ආණ්ඩුවේ අලුත්ම උපායමාර්ගය වෙලා තියෙන්නෙ

දැනට පවතින ලාෆ් ගෑස් හිඟය අවසන් වන්නේ කවදා ද?

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ලබන 19 වැනි දා ලාෆ් ගෑස් රැගෙත් නෞකාවක් හම්බන්තාට වරායට පැමිණෙන බවයි.