කොරෝනා වැළඳුණු දරුවන් 157ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ

කොරෝනා වැළඳී රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් ගණන 157ක්: දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ - රෝහලේ අධ්‍යක්ෂ

by Staff writer 14-08-2021 | 10:26 PM

COLOMBO (News 1st) - රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සංඛ්‍යාව 157ක් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අප කළ විමසීමකදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේ, ඔවුන්ගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. ඉන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල බව ද ඔහු සඳහන් කළේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා,
රෝගීන්ගේ ව්‍යාප්තිය අනෙකුත් සාමාන්‍යයෙන් වැඩිහිටි ජනතාවගේ වගේම කුඩා දරුවන්ගේත් වැඩිකමක් අපිට පෙන්නුම් කරනවා. ඉදිරියේදීත් තවදුරටත් රෝගීන් පැමිණීම අධික වුවහොත් අපිට නැවත වරක් ඉඩකඩ පිළිබඳ ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් විසින් කටයුතු ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.