කරවල, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයකට නව බදු පැනවීමක් සිදු කර ඇති බවට පළ වන ප්‍රචාරය අසත්‍යක් - මුදල් අමාත්‍යාංශය

by Staff writer 14-08-2021 | 12:56 PM

COLOMBO (NEWS1ST) : කරවල, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු සම්බන්ධයෙන් නිකුත් කෙරුනු ගැසට් නිවේදනය ගැන මුදල් අමාතයාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහි සඳහන් වන්නේ මෙය අලුතින් පැන වූ බද්දක් නොවන බවත් ආනයනික හාල් මැස්සන් සහ කරවල කිලෝ ග්‍රෑමයකට රුපියල් 100 බැගින් වු බද්ද පනවනු ලැබුවේ 2021 පෙබරවාරි මස 11 වැනිදා සිට මාස 6 ක කාලයකටයි. එම කාලය අවසන් වන බැවින් කිසිදු බදු සංශෝධනයකින් තොරව එය දීර්ඝ කිරීම නව ගැසට් නිවේදනයෙන් සිදුකර තිබේ. මීට අමතරව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි බටර්, උළුහාල්, කුරක්කන්, පිටි, අබ සහ ලුණු ආනයනය සඳහා 2020 සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කළ වසරකට බලපැවැත්වෙන ගැසට් නිවේදනයේ කාලය ද අවසන් වන බැවින් එය දිර්ඝ කිරීම ද ඊයේ නිකුත් කළ නිවේදනයෙන් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.   මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්....