කැනඩාවේ රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවිමක්

එන්නත මත රාජ්‍ය සේවකයින්ගේ ඉරණම තීරණය කරන්න කැනඩාව සැරසෙයි

by Staff writer 14-08-2021 | 11:58 AM

COLOMBO (News 1 st) - ඔක්තෝබර් මාසයට පෙර කොරෝනා මර්දන එන්නත් ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇතැයි කැනඩා රජය නිවේදනය කරයි.

එරට මාධ්‍ය වාර්තා කළේ, මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බවය. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක් ඇති රට වේ. එහි ජනගහණයෙන් සියයට 81කට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබේ.