COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා ආසාදිතයින් 822 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද (14) දිනයේ මේ දක්වා මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,263 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මීට පෙර දේශීයව ආසාදිතයින් 2,423 දෙනෙකු හඳුනා ගැනුණු අතර තවත් ආසාදිතයින් 18 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පිරිස් අතරින් හඳුනා ගැනිණ.