English
தமிழ்
කර්තෘ Staff writer
14 Aug, 2021 | 12:07 pm
ඒ, සෞඛ්‍යය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13 ) පැවති සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද එක්ව සිටියහ.
වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල සහ සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හැකි පමණ කොරෝනා ආසාදිතයින් පිළිබඳ පෞද්ගලික මට්ටමින් තොරතුරු සොයා බලා ප්‍රතිකාර කිරීමට යොදවන්නැයි, එහිදී උපදෙස් දුන් බව ද සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය සඳහන් කළේ, මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් එක් මධ්‍යස්ථානයක් හෝ ස්ථාපනය කර, සියලු ආසාදිතයින් එම මධ්‍යස්ථානයේදී පරික්ෂා කිරීමෙන් අනතුරුව, ආසාදිතයා යොමු කළ යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමවේදයට ද යන්න තීරණය කිරීමේ නව වැඩපිළිවෙළක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයි ද, ඊයේ(13) පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවය.
දැනට කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීම සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක ගිලන් රථ ප්‍රමාණවත් නොවීම හමුවේ, කොරෝනා රෝගීන් වෙනුවෙන්ම සේවා සැපයීම සඳහා අවශ්‍ය ගිලන් රථ සූදානම් කිරිමේ අවශ්‍යතාව ද, මෙම සාකච්ඡාවේදි අවධානයට ලක්වූ බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, සායන සඳහා රෝහල් වෙත පැමිණෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බවය.
ඒ, වත්මන් තත්ත්වය තුළ එම වයස් කාණ්ඩවල පුද්ගලයින් අවධානම් ලෙස හදුනා ගැනීම හේතුවෙනි.
කෙසේ වෙතත්, අවදානම් කාණ්ඩයේ සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් කඩිනමින් එන්නත්කරණයට යොමු කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
24 Apr, 2022 | 08:17 AM
10 Jul, 2021 | 09:56 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS