by Staff writer 14-08-2021 | 10:56 AM
COLOMBO (News 1st ) - පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 54,251 පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය
ඊයේ (13) දිනය තුළ බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් 2,493ක් සහ ඔවුන් පැමිණි වාහන 1,670ක් පරීක්ෂාවට ලක් කර තිබේ.
මීට අමතරව පුද්ගලයින් 234 දෙනෙක් පළාත් සංචරණ සීමා උල්ලංඝණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් පැමිණි වාහන 165ක් සමග ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එමෙන්ම අතුරුමාර්ග හරහා පළාත් අතර ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු ඔවුන් පැමිණි වාහන 3 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අතවශ්‍ය සේවා, හදිසි අවශ්‍යතාවයක් හෝ ප්‍රතිකාර ගැනීමක් සඳහා පමණක් පළාත් අතර සංචරණය සදහා අවස්ථාව හිමි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.