කොරෝනා මරණ 160 ක් : මියගිය පිරිසෙන් 124 දෙනෙකු ම අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන්

කොරෝනා මරණ 160 ක් : මියගිය පිරිසෙන් 124 දෙනෙකු ම අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන්

කොරෝනා මරණ 160 ක් : මියගිය පිරිසෙන් 124 දෙනෙකු ම අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන්

කර්තෘ Sagarika Chathumali

14 Aug, 2021 | 8:18 pm

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 160 ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 87 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 73 දෙනා කාන්තාවන් ය.

අද දිනයේ වර්තා කළ මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 124 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

අද (14) වාර්තා කරන ලද මෙම මරණ 160 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]