by Staff writer 14-08-2021 | 11:23 AM
COLOMBO (NEWS1ST) : ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමකදී සඳහන් කළා ය.
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග දිනෙන් දින ඉහළ යන අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර සියලු රෝහල්වල දැනට පවතින ඇඳන් ධාරිතාවෙන් 50% ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කිරීමට සෞඛ්‍යය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදි තීරණය කර තිබේ.
මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, දැනට රෝහල්වල ඇඳන් මුළුමනින්ම පිරී නැති බැවින් මෙම තීරණය ක්‍රියාක්මක කිරීමේ හැකියාව පවතින බවයි.
සායන සඳහා රෝහල් වෙත පැමිණෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
පවතින තත්ත්වය මත මෙම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට දැඩි අවදානමක් පවතී.
මීට සමගාමීව වයස 60ට වැඩි අයට අඛණ්ඩවම එන්නත් ලබාදීම ද සිදු කෙරේ.
දැනට රෝහල්වල ඇති ගිලන්රථ ප්‍රමාණවත් නොවන අතර කොරෝනා රෝගීන් වෙනුවෙන් ම සේවා සපයන ගිලන්රථ සූදානම් කිරීමට ද, සෞඛ්‍යය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
මීට අමතරව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් පත්කිරීමේ ගැසට් නිවේදනයක් ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ප්‍රකාශ කළා ය.