BREAKING : අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති 2 ක් පළාත් අතර සංචරණය තහනම් - යුද හමුදාපති

by Staff writer 13-08-2021 | 4:50 PM

COLOMBO (News 1st) – අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය තහනම් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ, පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවන බවයි. නමුත් කෘෂිකර්මය, වරාය, ඇගලුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ සීමා බලපැවැත්වෙන්නේ නැහැ. එම ක්ෂේත්‍රවලට අදාළව සේවා ස්ථානවලට කැඳවන පිරිස් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට තීරණය කළ හැකි බව ද යුද හමුදාපතිවරයා පැවසී ය. මේ අතර සැප්තැම්බර් 15 වැනිදා සිට පොදු ස්ථානවල ගැවසීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් කාඩ්පත පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, එම කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට පිවිසීමට අවසර නොලැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.