සැප්.15 පසු පොදු ස්ථානවලදී එන්නත් කාඩ්පත පරීක්ෂාවට

සැප්තැම්බර් 15න් පසු පොදු ස්ථානවලට පිවිසෙන අවු. 30ට වැඩි සියලුදෙනා එන්නත් මාත්‍රා දෙක ලබාගෙන තිබේදැයි පරීක්ෂා කරනවා - යුද හමුදාපති

by Staff writer 13-08-2021 | 5:22 PM

COLOMBO (News 1st): ලබන සැප්තැම්බර් 15 දිනට පසු පොදු ස්ථානවලට පිවිසෙන වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ලබාගෙන තිබේදැයි පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.