සම්පූර්ණයෙන් රට වහන්න බලාපොරොත්තුවක් නැහැ

සම්පූර්ණයෙන් රට වහන්න බලාපොරොත්තුවක් නැහැ - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

by Staff writer 13-08-2021 | 3:22 PM

COLOMBO (News 1st) –  සම්පූර්ණයෙන් රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති නමුත් සංචරණ සීමාවල යම් ආකාරයේ දැඩි කිරීමක් සිදු කිරීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී රාජ්‍ය අමාත්‍යරයා ඒ බව පැවසී ය. මේ අතර අද (13) සවස් කාලයේ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.