by Staff writer 13-08-2021 | 8:40 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.
එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ, සති 02ක කාලයක් සඳහා දැඩි සංචරණ සීමා පනවා අත්‍යවශ්‍ය සේවා සහ එන්නත්කරණ කටයුතු බාධා රහිතව පවත්වා ගෙන යන ලෙසය.
වැඩිහිටි සහ සංකූලතා ඇති පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට එන්නත් වෙන් කරන ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.