COLOMBO (News 1st) - සමාජය තුළ සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගත් පිරිස සිටින්නේ 20% ක් පමණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
ඇය මේ බව පැවසුවේ, අද(13) පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
අපේ සමාජයේ සම්පූර්ණයෙන්ම එන්නතින් ආවරණය වෙලා තියෙන ප්‍රතිශතය සියයට 20 ක් පමණ තමයි. සියයට 80 ක් ම සමාජය අවදානම් තත්ත්වයක ඉන්නේ. අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් දැනුම්දීමක් මගින් ඉල්ලා සිටියා මේ අවස්ථාවේදී අපිට තියෙන එකම විකල්පය රටක් විදියට තද සංචරණ සීමා කියන යොදන්න ඕනේ කියලා. එක්කෝ දවස් කිපයක ඇඳිරි නීතිය පැනවීමක් සහ එයට පසුව රට අඟුලු දැමීමේ තත්ත්වයක් වාගේ. අත්‍යවශ්‍ය සේවා පමණක් සහ එන්නත්කරණ කටයුතු මේ කටයුතු 2 පමණක් ක්‍රියාත්මක වන ආකාරයට. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරුන්ගේ අධ්‍යයනයට අනුව අපිට පෙන්නලා දීලා තියෙනවා මේ සංචරණ සීමා අපි හරි විදියට යොදලා මේ සංචරණ සීමා සුමාන 4 ක කාලයක්වත් ගෙනිච්චොත් මේ ආකාරයට අපිට ජනවාරි වෙනකොට ජීවිත 18,000 කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවෙනවා කියලා මේ සංචරණ සීමා යෙදවීම මගින් පමණක්.