යාපනයේ වෙළෙඳසැලකට නාඳුනන ප්‍රහාරයක්.. (CCTV)

යාපනයේ වෙළෙඳසැලකට යතුරුපැදිවලින් පැමිණි පිරිසක‌ගෙන් ප්‍රහාරයක්.. (CCTV)

by Staff writer 13-08-2021 | 9:39 PM

COLOMBO (News 1st) - යාපනය, කල්වියන්කාඩු ආඩියපාදම් ප්‍රදේශයේ පිහිටා ඇති වෙළෙඳසැලකට නාඳුනන පිරිසක් විසින් හානිකර තිබේ.

යතුරුපැදිවලින් පැමිණි පිරිස වෙළෙසැලට හානි කරන අයුරු සී.සී.ටී.වී. කැමරාවල ද සටහන්ව තිබුණි. ඊයේ(12) සවස 6.40 ට පමණ මෙම ප්‍රහාර එල්ල වී ඇත. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර යාපනය ප්‍රදේශයේ විටින් විට මෙවන් පහරදීමේ සිද්ධි වාර්තා විය. යාපනය, කොක්කුවිල් ප්‍රදේශයෙහ් නිවාස දෙකකට පසුගිය ජුනි මස 03 වැනි දා ප්‍රහාරයක් එල්ල විය. මෙහිදී තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහල්ගත කෙරිණි. මේ අතර එම දිනයේදීම යාපනය, පුනාරි මඩත්තඩි ප්‍රදේශයේ නිවාස දෙකකට කඩු ප්‍රහාරයක් එල්ල විය.