"මේ වෛරසය එන්නේ කටින් සහ නහයෙන් පමණයි.."

"මේ වෛරසය එන්නේ කටින් සහ නහයෙන් පමණයි.." - විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

by Staff writer 13-08-2021 | 10:15 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කෙසේ ද පිළිබඳ ජාතික රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැහැදිලි කිරීමක් කළේය.

ඒ, අද (13) පැවති මාධ්‍ය හමුවකදීය. ජාතික රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා,
මේ වෛරසය හඳුනාගන්න මුලින්ම ලංකාවට ආපු වෙලාවේදී අපි දැක්කා අපි හැමෝම බයෙන් හිටියේ. එතකොට මේ හැම පෘෂ්ඨම සුද්ද කරනවා. ටීසීඑල් ගානවා. පිහදානව. ඒටීඑම් මැෂින් එකක් පාවිච්චි කරලා ආසාදිතයෙක් වුණොත් මුළු ගමම අරන් ගිහිල්ල නිරෝධායනය කරනවා. ඒ ඒ පැතිරිච්ච අදහස් දැන් අයින් කරගන්න කාලය හරි. අපිට වැදගත්ම වශයෙන් කියන්න තියෙන්නේ. මේ වෛරසය එන්නේ කටින් හා නාහෙන් පමණයි. ඔබගේ කටින් එළියට වෛරසය පිටවෙනවා. නාහෙන් ඇතුළට වෛරසය ඔබ ගන්නවා. කටයි, නාහෙයි වහල තියාගන්න. මාස්ක් එක කටවත් තල්ල වත් වහල තියාගෙන වැඩක් නැහැ. නහයත් තද කරල වසාගත යුතුයි.
ප්‍රශ්නය,
අද හෝ හෙට මේ රට වැසිය යුතුයි කියන තැන ද ? නැතිනම් තවදුරටත් පවත්වාගෙන යා යුතුයි කියන තැන ද ඔබ ඉන්නේ මේ මොහොතේ ?
පිළිතුර, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
මේ මොහොතේ කියන්න තියෙන්නේ  ඔය කියන දෙකම උපදෙස් ලබාදීල තියෙනවා. ඒ කියන්නේ එක කණ්ඩායමක් කියනවා රට වහනවා මිස වෙන විකල්පයක් නැහැ කියලා. තව කණ්ඩායමක් කියනවා වහල බැහැ වැහුවා කියල කවදාවත් ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. අරිනකොට ආය ලෙඩේ වැඩි වෙනවා. ඊට වඩා වැදගත් වෙනවා කියල මේ රටේ ආර්ථිකය. මාසේ පඩි ගන්න අයට යම් ආකාරයක සහනයක්  තියෙනවා. එදිනෙදා ජීවත් වෙන අයට ඒක නැහැ. ඒ වගේම තමා දිගින් දිගටම මේක කරගෙන ගිහාම පඩි ගෙවන්නත් ආර්ථිකයක් ඉතුරු වෙයිද කියන එක තියෙනවා. සමබනර කරගන තමයි අවසාන තීන්දුව ගන්න වෙලා තියෙන්නේ. දෙපැත්තටම අපිට තියෙනවා උපදෙස් ලබා දෙන්න.