දළදා මාළිගාවේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ..

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ..

by Staff writer 13-08-2021 | 11:05 AM

COLOMBO (News 1st) - මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹුල් පෙරහැර අද(13) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව, අද(13) රාත්‍රී 7.18 යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළේය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජනතාවගේ සහභාගීත්වයකින් තොරවයි.