පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත

පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත

by Staff writer 13-08-2021 | 4:16 PM

COLOMBO (News 1st ) - මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී, රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම තම අරමුණ බව, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳහන් කළේය.

ජපානයේ ටෝකියෝ හීදී පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් විසිනි. 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීම පිරිමි F46 කාණ්ඩයේදී මීටර් 58 දශම 2 යි 3 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එසේම 2017 ලෝක ශූරතා තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීම, 2018 ආසියානු තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීම, 2019 ලෝක ශූරතා තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ලබා ගත් ජයග්‍රහණ අතර වේ. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දිනේෂ් ප්‍රියන්ත පුහුණුවීම්වල නිරත වන්නේ ප්‍රදීප් නිෂාන්ත මහතා යටතේය.