නගර කිහිපයක වෙළෙඳසැල් වසා දැමුවේ ඇයි?

නගර කිහිපයක වෙළෙඳසැල් වසා දැමුවේ ඇයි?

by Staff writer 13-08-2021 | 8:52 PM

COLOMBO (News 1st) - නගර කිහිපයක වෙළෙඳ සංගම් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලිකව වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

කන්තලේ, සේරුනුවර නගරයේ සියලු වෙළෙඳසැල් දින 14 ක කාලයක් සඳහා වසා තැබීමට අද(13) පියවර ගැනිණි. ඒ, සේරුනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ආසාදිතයින් 50කට අධික පිරිසක් වාර්තා වීම හේතුවෙනි. ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමග දෙහිඅත්තකන්ඩිය නගරයේ සියලු වෙළෙඳසැල් වසා තැබීමට දෙහිඅත්තකන්ඩිය වෙළෙඳ සංගමය අද(13) තීරණය කර තිබේ. ඒ, දින 4 ක කාල සීමාවක් සඳහායි. ඌව පරණගම, ලුණුවත්ත නගරය ද අද(13) දින 03ක් සඳහා වසා දැමුණේ, වෙළෙඳ සංගමයේ තීරණයකට අනුවයි.