මෙරටින් තවත් කොරෝනා මරණ 155 ක්

තවත් කොරෝනා මරණ 155 ක් තහවුරු කෙරේ

by Sagarika Chathumali 13-08-2021 | 9:24 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 155 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (13) වාර්තා  කරනු ලැබ තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, ඊයේ (12) තහවුරු කරන ලද එම මියගිය පිරිස අතරින් 85 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 70 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන් තිදෙනෙකු ද, අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 41 දෙනෙකු ද වන අතර ඉතිරි ආසාදිතයින් 111 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.