''ජනාධිපතිට යොමු කළ ලිපියට සාධනීය පිළිතුරක් නැහැ'' -කාදිනල් හිමිපාණන්

by Staff writer 13-08-2021 | 3:43 PM

COLOMBO (News 1st) –  අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට සාධනීය පිළිතුරක් ලැබි නොමති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් පැවුසවේ, ලබා දුන් වෙළුමේ සඳහන් කරුණු , පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කළ කරුණු සහ ස්වාධීනව දැනගන්නට ලැබුණු තවත් කරුණු පදනම් කර ගෙන මෙම විමර්ශන නිසි ලෙස සිදුවිය යුතු යැයි සඳහන් කරමින් එම ලිපිය ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 5 වනදා ජනාධිපති ලේකම් වෙනුවට යනුවෙන් අත්සන් කර, නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් පිටු 3ක ලිපියක් යොමු කර ඇති බව කාදිනල් හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ සඳහන් කළේ, රජයෙන් සාධනීය පිළිතුරක් බලාපොරොත්තු වුව ද එම ලිපිය විමර්ශනයේදී  පෙනී ගියේ, එතුළින් ඇසූ පැනයන්ට පිළිතුරු ලැබී නොමැති බවයි.