ගත වූ පැය 24 තුළ පුද්ගල ජීවිත 05 ක් මහමගට බිලි..

ගත වූ පැය 24 තුළ පුද්ගල ජීවිත 05 ක් මහමගට බිලි..

by Staff writer 13-08-2021 | 11:59 AM

COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

යාපනය, මනිපායි ප්‍රදේශයේදී ඊයේ(13) බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ මගීන් 22 පමණ තුවාල ලබා තිබේ. කුරුණෑගලදී ඊයේ (13 ) සිදු වූ බස් රථ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මීට අමතරව පොල්ගහවෙල, මැද්දලන්ද ප්‍රදේශයේදී ටිපර් රථ 03ක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් ස්වාමින් වහන්සේ නමක් අපවත් වී තිබේ.