වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

කොරෝනා මර්දන එන්නත නොගත් වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

by Staff writer 13-08-2021 | 7:16 PM

COLOMBO (News 1st) - කොරෝනා මර්දන එන්නත ලබා නොගත් වකුගඩු රෝගීන් එන්නත්කරණයට මාළිගාවත්ත වකුගඩු රෝහලේදී දෙදින වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා නොගත් වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන, රුධිර කාන්දුකරණයට ලක්වන රෝගීන් හා වකුගඩු බද්ධ කළ රෝගීන්ට පළමු මාත්‍රාව මාළිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ ලබාගත හැකි බවය. ඒ අනුව හෙට(14) සහ ලබන 21 වැනිදා පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා කාලය තුළ අදාළ රෝගීන්ට පමණක් මාළිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ කොරෝනා මර්දන පළමු මාත්‍රාව ලබාගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය