home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ඇරඹේ..
by Staff writer
12-08-2021 | 5:01 PM
COLOMBO (News 1st) – ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් යුද හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ අද(12) ආරම්භ කළේය.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ටයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘද්ධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහි සමාරම්භය යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(12) සනිටුහන් කරනු ලැබිණි. ඒ, යුද හමුදා මූලස්ථානයේදීය. ඒ අනුව පහත සඳහන් ස්ථානයන්හිදී ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක් කරනු ලබයි. දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 15 - මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත - මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 14 - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, කොළඹ 15 - බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන් අද (12) දිනය පුරා රථ 10 ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදෙනු ඇත.
වෙනත් ලිපි
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
ආපදාවට පත් ස්වයං රැකියාලාභීන් ගැන තොරතුරු රැස්කෙරේ
ආපදා සහන ලබාදීමට අදාළව චක්‍රලේඛයක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය