මෙරටින් තවත් කොරෝනා මරණ 156 ක්

තවත් කොරෝනා මරණ 156 ක් තහවුරු කෙරේ

by Sagarika Chathumali 12-08-2021 | 8:22 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 156 ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 87 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් 69 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 121 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය. අද (12) වාර්තා කරන ලද මෙම මරණ 156 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ (11) දිනයි.