COLOMBO (News 1st) - ජාත්‍යන්තර වශයෙන් සහතික ලද ජීවිතාරක්ෂක හා දිවිගලවා ගැනීම් කණ්ඩායමකට අද(12) ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේදී ජාතික තලයෙන් පිළිගැනීමකට ලක් කෙරුණි.
ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානය හෙවත් ඒපෑඩ් (A-PAD) සංවිධානය මගින් ජාත්‍යන්තර දිවි ගලවා ගැනීමේ උපදේශකයන්ගේ සංගමයේ උපදේශකවරුන් සමග සංවිධානය කළ ජීවිතාරක්ෂක හා දිවිගලවා ගැනීමේ පුහුණුවට සහභාගී වූවන් මෙහිදී ජාතික තලයෙන් පිළිගැනිණි.
මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ සමාජිකයින් ඇතුළත් ය.
2021 A-PAD ජාත්‍යන්තර සම්මත්‍රණය පැවැත්වුණේ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව සීමිත සමාජික සහභාගීත්වයකිනි.
නමුත් ඔන්ලයින් හරහා ඊට විශාල පිරිසක් එක්විය.
සමුළුව පැවැත් වුණේ, සිවිල් සහ හමුදා එකමුතුවක් යන්න තේමා කර ගනිමිනි.
මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතායි.
මෙහි විශේෂ ආරාධිතයින් ලෙස ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් හොෂී අයි චිහාවූ මෙනවිය හා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සහභාගී විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා,
සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම මානුෂවාදි වගකීමක් යුද හමුදාවක් වශයෙන් එය ඉටු කිරීමට අපි බැඳි සිටිනවා.
මීට අමතරව සිවිල් හා හමුදා සහයෝගීත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ විද්වත් කථිකාවක් මෙහිදී පැවැත් විය.
ඊට පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නියෝජිතයින් එක්ව සිටියහ.
මෙම විශේෂ පුහුණුව සහිත දිවි බේරා ගැනීමේ කණ්ඩායම්, මෙතැන් සිට රටේ දරුණු ගංවතුර ආපදාවල දියත් කිරීමට සූදානම්ව සිටී.