ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළට : නව මිල රු.1856

by Staff writer 12-08-2021 | 11:13 AM

COLOMBO (News 1st) –  කිලෝග්‍රැම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දී තිබේ.

මේ බව අනාවරණය වුයේ, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය. ඒ අනුව, පාරිභෝගික අධිකාරිය ලබා දුන් මිල වැඩි කිරීමේ අනුමැතිය සමග කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් වේ.