අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වෙයි

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වෙයි

by Staff writer 12-08-2021 | 10:26 PM

COLOMBO (News 1st) - ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද(12) අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදී රැස් විය.

ගැටලුවට අදාළව මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත් කමිටුව එළඹෙන සතියේදී අදාළ වෘත්තීය සමිති සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන ඇමතිවරුන් ද අදාළ කමිටුවට ඇතුළත් ය. කර්මාන්ත අමාත්‍ය විමල් වීරංවශ මහතා,
අපි රජයටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරුවරුන්ටත් පිළිගත හැකි විසඳුමක් ගන්න තමයි මහන්සි දරන්නේ. වර්ජනය නවත්වනවා ද ඉදිරියට ගෙන යනවා ද කියලා ඒක වෘත්තිය සමිති කාරණයක්. අපි බලන්නේ මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද කියන එක. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මේ ප්‍රශ්නය විසඳිය යුතුයි කියලා අපි තේරුම් අරන් තියනවා. ඒ නිසා ඒ පදනමේ ඉදගෙන වෘත්තීය සමිතිවල න්‍යාය පත්‍රය මොකක් වුණත් මේ ප්‍රශ්නය මේ වෙලාවේ රජයට දරාගන්න පුළුවන් මොන වගේ පදනමේද කියලා ඉදගෙන තමයි අපි සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේ