ගර්භනී මව්රුන්ට එන්නත දීමේ විශේෂ වැඩසටහනක්

ගර්භනී මව්රුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහනක් අගෝස්තු 24 සිට..

by Staff writer 12-08-2021 | 9:02 AM

COLOMBO (News 1st) – අගෝස්තු 24 වැනිදා සිට 31 වැනිදා දක්වා ගර්භනී මව්රුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක කරන බවය. ගර්භනී මව්වරුන් 19 දෙනෙක් ඊයේ (11) දිනය වනවිට කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කොරෝනා වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ඔහු සඳහන් කළේ ය. විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කළේ, දැනට භාවිතා කරන සයිනෝෆාම් එන්නත ලබාගත් කිසිදු ගර්භනී කාන්තාවකට සංකුලතාවක් ඇති වී නොමැති බවය.