PCR සහ Antigen මිල නියාමනය කළ ගැසට් පත්‍රය හෙට

PCR රු. 6500යි, Antigen රු. 2000යි: මිල නියාමනය කළ ගැසට් පත්‍රය හෙට (12) නිකුත් කෙරේ..

by Staff writer 11-08-2021 | 1:55 PM

COLOMBO (NEWS1ST) : PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500 ක් හා ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2,000 ක මිලක් නියම කරමින් මිල නියාමන ගැසට්ටුව නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නී ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාළ ගැසට් පත්‍රය හෙට (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා ය.

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරනු ලබන PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සඳහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබේ.