by Staff writer 11-08-2021 | 10:48 PM
COLOMBO (News 1st) - ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා පාගමනක් පැවැත්වූ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 25 දෙනෙකු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.
මහජනතාවට පීඩාකාරීවන අයුරින් සෞඛ්‍ය නීති කඩකරමින් විරෝධතා පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ මේ පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන ලෙස පොලීසියට නියෝග කළ අධිකරණය නඩුව නොවැම්බර් මස 03 වැනි දා දක්වා කල් තැබුවේ ය.