ධම්මික පැණියට දුන් බලපත්‍රය අහෝසියි

ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කරයි - ආයුර්වේද කොමසාරිස්

by Staff writer 11-08-2021 | 5:41 PM

COLOMBO (NEWS1ST) : සායනික පරීක්ෂණවලින් තහවුරු නොවීම නිසා අතිරේක ආහාර පානයක් ලෙස ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා කියයි.

ඒ, කොරෝනා වසංගතයට සිදු කෙරන ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් අද (11) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාකින් අනතුරුවයි .
මාධ්‍යවේදී ප්‍රශ්නය, ආයුර්වේද ප්‍රතිකාර ගැන කතා කරනකොට කොවිඩ් 19 සම්බන්ධයෙන් අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වගේ දැක්කා විවිධ ප්‍රතිකාර කරළියට එනවා. මාධ්‍ය මගින් සහ වෙනත් අයුරුවලින් ධම්මික පැණිය සහ වෙනත් එවැනි ප්‍රතිකාර පිළිබඳව එවැනි තවත් ප්‍රතිකාර ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලැබිලා තියනවා ද? ධම්මික පැණියට හම්බවුණා ඇපෘෘවල් එකක් අතිරේක ආහාරයක් ලෙස භාවිතා කරන්න. එය තාමත් වලංගුද?
ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා
මේ වනවිට ඖෂධ 14 කට එවැනි නිර්දේශන් ලබාදීලා ඒවා නිත්‍යානූකූලකරණය කරලා තියෙනවා. නමුත් අර නමක් සඳහන් කරපු ඖෂධය සම්බන්ධයෙන් අපි තාවකාලිකව බලපත්‍රයක් ලබා දීලා තිබ්බා. නමුත් , ඒ සම්බන්ධයෙන් කළ සායනික පරීක්ෂණවලින් අපට තහවුරු වුණේ නැහැ එහි තියන සත්‍යතාවය, සාපල්‍යතාවය සම්බන්ධව ඒ නිසා මේ වනවිට ඒ ලබා දීලා තිබ්බ තාවකාලික අවසර පත්‍රය අපි අයින් කරගෙන තියෙනවා‌.