.webp)
මම දැක්කා ඊයේ අපේ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ප්‍රකාශයක් කළා. දැන් මේක දෙයියන්ටයි භාර දෙන්න තිබෙන්නේ. වැරදි ක්‍රියාදාමයන් කූඨ ව්‍යාපාරයන් වංචනික ව්‍යාපාරයන් දූරාචාර ව්‍යාපාරයන් ආදි දෙවල් දිනපතාම වර්ධනය වෙනකොට. දෙවියන්ගෙත් බැල්මක් ඇතිවෙන්නේ නෑ. දෙවියන්ගේ ආශිර්වාදය අවශ්‍යයි ඔව් අපේ ඇමතිතුමනි දෙවියන්ගේ ආශිර්වාදය ගැනීමට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ ආශිර්වාදය අපි ගන්නට ඕනෑ. රටේ මිනිස්සුන්ගේ ආශිර්වාදය ගණ්ඩ නම් මේ ජාතික විපත්තියේදී පක්ෂ දේශපාලනය මුළුමනින්ම පැත්තකට දාලා අපේ යුතුකම් අපි හරියට කරමු. මේ රට විනාශ කළේ දේශපාලඥයොයි රට ගැන හිතන්න ජනතාව ගැන හිතන්න අද විශේෂඥ මතයටවත් ගරු කරන්නේ නෑනේ. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මැතිණිය මීට මාස දෙකකට ඉස්සෙල්ලා කිව්වා මේ විපත්ති ගැන කතා කළා අපි මේක රැකුන් නැත්නම් ආරක්ෂා වුණේ නැත්නම් මේ මේ දෙවල් වෙනවා කියලා කිව්වා. අද විශේෂඥ මතයත් පැත්තකට විසිකරලා ගණන් ගන්නේ නැති තැනට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවට වැරදිච්ච තැනක්. වැඩ කරපු මිනිස්සු අද බලන්න අනිල් ජාසිංහ මහත්තයා ඕකේ වැඩ කර කර හිටියා. අද ගිහිල්ලා මොකක්ද කරන්නේ තණකොට කපනවා එතුමා. පරිසරයට දාලා තියෙනවා එතුමා අමල් සිල්වා මත්මයා අද පුන්නක්කු දිය කරනවා. සත්ත්ව ආහාර හදනවා එතුමා අපේ ජයරුවන් බණ්ඩාර මහත්තයා එතුමා කොච්චර වැඩ කළාද අද කෝ. ගරු ජනාධිපතිතුමනි. ඔය කේවට්ටයින්ගේ කීම් අහලා කේලාම් අහලා ඔබතුමා ඔවුන් අයින් කලානම් දැන්වත් ගන්න ඉස්සරහට ඉස්සරහට අරන් භාරදෙන්න එහෙම නැතුව නම් මං හිතනවා ඔබතුමාගේ ඒ පැතුම ඔබතුමාගේ ඒ දර්ශනය ඔබතුමාගේ ඉලක්කය කරා යන්න හම්බවෙන්නේ නෑ කවදාවත්.