තවත් කොරෝනා මරණ 124ක්..

තවත් කොරෝනා මරණ 124ක්..

by Staff writer 11-08-2021 | 9:58 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 124ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, ඊයේ(10) තහවුරු කරන ලද එම මියගිය පිරිස අතුරින් 75 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 49 දෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකු ද,  අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය ඉතිරි පුද්ගලයින් 95 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.