හෙට සිට ජංගම එන්නත්කරණ රථ..

ජංගම එන්නත්කරණ රථ හෙට සිට යෙදවීමට පියවර - යුද හමුදාපති

by Staff writer 11-08-2021 | 9:06 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට හෙට(12) සිට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ, රජයේ එන්නත්කරණ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම සඳහායි. බස්නාහිර පළාත තුළ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් වෙතගොස් එන්නත් ලබාදීම සඳහා මෙම ජංගම එන්නත්කරණ රථ යොදවනු ඇති. ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායම් සහිත ජංගම එන්නත්කරණ රථ 10ක් යෙදවීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.