ගෑස් හිඟයක් ගැන බියක් ඇති කර ගන්න එපා..

ගෑස් හිඟය අවසන් වනතෙක් දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට - ලිට්‍රෝ සමාගම

by Staff writer 11-08-2021 | 9:04 AM

COLOMBO (News 1st) – ගෑස් හිඟය අවසන් වනතෙක් දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , ඊයේ දිනයේ සිට එම ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කරන බවයි ගෑස් හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කරන නොකර ගන්නා ලෙසත්, රටට අවශ්‍ය කරන ගෑස් තම සමාගම සතුව ඇති බවත් සභාපතිවරයා පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.