මොකක්ද මේ සීනි හා සහල් අර්බුදය?

මොකක්ද මේ සීනි හා සහල් අර්බුදය?

by Staff writer 10-08-2021 | 10:24 PM

COLOMBO (News 1st) - සීනි ආනයන බලපත්‍ර ඉකුත් මැයි 28 වැනි දා රජය විසින් අත්හිටවනු ලැබුවේ ය.

ඒ, ඉදිරි මාස 8 ක කාලයක් සඳහා ප්‍රමාණවත් සීනි මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 600ක් පමණ ආනයනකරුවන් විසින් ගබඩා කර තිබියදීය. සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25 ක බද්දක් යටතේ ආනයනය කෙරුණු සීනි නිසි පරිදි වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබේ. වෙළෙඳපොළේ මේ වනවිට සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 150ක් වැනි මිලකටයි. මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල ඊයේ රුපියල් 140 ක සිල්ලර මිලට අලෙවි කළ සීනි අද රුපියල් 150 ක් දක්වා වැඩි වී තිබුණි. නොච්ච්යාගම නගරයේ අද සීනි කිලෝග්‍රෑම් එකක් අලෙවි කළේ රුපියල් 155 කටයි. වරින් වර විවිධ ක්‍රියාමාර්ග ගත්තත් සහල් මිල තවමත් අඩු කිරීමට හැකියාවක් ලැබී නැත. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
පරිප්පු, සීනි හිඟයක් තියෙන්න විදිහක් නෑ. ඒ සම්බන්ධයෙන් පාරි‍භෝගික අමාත්‍යවරයාත් සමග සාකච්ජා කරලා ඉදිරිපත් කරන්නම් චෝදනාව තිබ්බේ මාස 04 කට 5 කට හරියන සීනි රටේ තියෙනවයි කියලා. යම්කිසි විදිහේ සඟවාගෙන ඉන්නවා නම් යම්කිසි දෙවල් එවත් ඉදිරියට ගැනීමට සහ ඒවා සම්බන්ධයෙන් නීතිමය රාමුව තුළ ක්‍රියාත්මක කිරීමට අපි පසුබට වෙන්නේ නෑ. මුලික අවශ්‍යතාව වන සහල් මිල තමන්ට ඕරොත්තු දෙන ගාණකට නැත්නම් රුපියල් 90 ත් 98 ත් අතර ප්‍රමාණයක තබා ගැනීමට හැබැයි මේකට මේ රටේ මුදලාලිලා එහෙම නැත්නම් මේ සම්බන්ධව ගනුදෙනු කරන සුළු පිරිසක් විශාල වශයෙන් මේ වෙනුවෙන් ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවැයි කියලා. මතය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා බහුතරයකගේ යහපත පිණිස අපි වෙනස්කම් කළ යුතුය කියන තැන තමයි කැබිනට් මණ්ඩලය ඊයේ සාකච්ජා කළේ ඒ අනුව මං හිතන්නේ 2500 ට දඩය ලක්ෂයට වැඩි කරන්න ඒ සම්බන්ධව අනුමැතියන් සියල්ල ලබා දෙන්නටත් ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දු කළා.