පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කළොත් ලක්ෂයක් දඩ

පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ගෙන් අය කරන දඩය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..

by Staff writer 10-08-2021 | 10:07 AM

COLOMBO (News 1st) – පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ගෙන් අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවය. රජය නම් කරන භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය සඳහා මෙම තීරණය වලංගු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.