by Chathurika Jayasundara 10-08-2021 | 10:38 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඒ අනුව, අදත් මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන 100 ඉක්මවා වාර්තා විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 79 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 39 දෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය ඉතිරි පුද්ගලයින් 101 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.