COLOMBO (News 1st) - අදත් දිවයින පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක විය.
කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී අද දිනයේත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රාව ලබා දුන්හ.
ඊට අමතරව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ද අද දිනයේදී විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ලබාදෙන බව යුද හමුදාව ප්‍රකාශ කළේ ය.
මෙය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, අද සහ හෙට බත්තරමුල්ල දියත උද්‍යානයේදීත් සයිනෝෆාම් පළමු වන හා දෙවන මාත්‍රාව ලබාදෙන බවයි.
ඊට අමතරව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ද දියත උද්‍යානයේදී ලබාදෙනු ඇති.
මේ අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී අද සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සිදු කෙරිණි.
ඒ, ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙවීමෙන් ය.
මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මගින් හා දිවයින පුරා පිහිටි රෝහල් රැසක ද එන්නත් ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.
ඒ සඳහා පිහිටුවා ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 300 කට අධිකයි.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වඩා වැඩි එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ප්‍රදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරීන් මගින් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා බවය.
තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව එන්නත් නොකළ පුද්ගලයින් එන්නත් මධ්‍යස්ථානවලට රැගෙනවිත් හෝ ඔවුන්ගේ නිවාසවලට ගොස් එන්නත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
සමකැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වැක්සින් එක හැර අනෙකුත් සියලුම වැක්සින් ලංකාවේ තියනවා. ඒ නිසා අපි ඒක සීමා කරගෙන ඉන්නවා පෙළක් ඒවා නම් වශයෙන් කියන්නේ නැහැ රටවල් 20 ක් විතර අපි දන්නවා එක ජාතියක් ඉල්ලනවා. රටවල් ගණනාවක් තවත් එකක් ඉල්ලනවා මේක කොයි විදිහේ අපි දන්නේ නැහැ දේශපාලන පසුබිමක් එක්ක විච්ච දේවල්ද නැද්ද කියලා. ඒකට දේශපාලන පසුබිමුත් බලපානවා ඇතියි කියලා මට සැක කරන්න සාධාරණ හේතු තියනවා නමුත් අපි රටක් හැටියට අපේ පුරවැසියන්ට උදාහරණයක් ගත්තොත් විදේශ රැකියා අංශයේ එතන්ට සම්බන්ධ වෙන සියලු දෙනාටම ඒ අයට ඒ අයගේ රටවල්වලට යන්න අවශ්‍ය එන්නත ලබාගෙන නැති එක්කෙනෙකු අපි ලබාදීලා කටයුතු කරන්න පටන් ගන්නවා විශ්වවිද්‍යාලවලට යන අය ඒ විශ්වවිද්‍යාල ලිපිය ඉදිරිපත් කලොත් ඒ අයට විශේෂයෙන් ඔන්ලයින් අපි ඒ එන්නත ලබාදෙනවා. ඒ වගේම විදේශ වැඩපිළිවෙළකට ව්‍යාපාරයකට යන්න අවශ්‍ය වුණොත් ඒ දෙත් අපි යම් ස්ටොක් අපි තියාගෙන ඉන්නවා ඒ රටට අවශ්‍ය දේ ලබා දෙන්න.