by Staff writer 10-08-2021 | 10:28 PM
COLOMBO (News 1st) - කඩුවලින් පහර දීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයෙකු යාපනය, තෙල්ලිපලෛයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ, සැකකරු යාපනයේ කෝපායි ප්‍රදේශයේ සහ අලවෙට්ටි නාගිනාවත්තෛයි ප්‍රදේශයේ සිදු වූ කඩු පහරදීම් සිද්ධිවලට සම්බන්ධ බවය.
23 හැවිරිදි මෙම සැකකරු සමග කඩු 02 ක් හා අංක තහඩු රහිත යතුරු පැදි 02 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
අපරාධ කල්ලියේ සෙසු සාමාජිකයින් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.