බස්නාහිර 60ට වැඩි පුද්ගලයින්ට දැනුම්දීමක්

එන්නත නොගත් බස්නාහිර අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ තුන්දින එන්නත්කරණ වැඩසටහන හෙට(11) සිට..

by Chathurika Jayasundara 10-08-2021 | 10:11 PM

COLOMBO (News 1st) –  බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි, මෙතෙක් කොවිඩ් මර්දන එන්නත නොගත් පුද්ගලයින් සඳහා සැලසුම් කළ විශේෂ තුන්දින එන්නත්කරණ වැඩසටහන හෙට(11) සිට ආරම්භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එය හෙට(11) සිට ලබන 13 දක්වා පැවැත්වේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ , මෙතෙක් කොව්ඩ් මර්දන එන්නත ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්‌ගේ තොරතුරු අදාළ අංශ මගින් මේ වනවිටත් රැස් කරගෙන ඇති බවයි. ඒ අනුව , අදාළ පුද්ගලයින්‌ට එන්නත ලබා ගත යුතු දිනය , වේලාව හා ස්ථානය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇති .. එම විශේෂ එන්නත්කරණ වැඩසටහන සිදු වන ස්ථාන මෙසේය..