.webp)
අපිට ඊළඟ විකල්පය වන්නේ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කරලා තියෙන පහසුකම් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගැනීම මේක ඉතා සැලකිල්ලෙන් කළ යුතුයි අත්‍යවශ්‍ය අනෙකුත් රෝගීන්ට රෝග තත්ත්වයන් එක්ක පැමිණෙන රෝගීන්ගේ ජීවිතය මේ හේතුවෙන් නැතිවෙන්නේ නැති වෙන්න රෝගීන් ඕන තරම් රෝගී වුණාට කමක් නැහැ අපි රෝහල්වලට ඇවිල්ලා ප්‍රතිකාර කරනවා බයවෙන්න එපාය කියලා කවුරු හරි කියනවා නම් අපි ඒකත් එවැනි තත්ත්වයකට ගේන එකත් පිළිගන්නේ නැහැ.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,
ඇත්ත වශයෙන් කියනවා නම් මේ සතිය තුළ ලංකාවේ හැම රෝහලක්ම මේ කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල් බවට පත්වෙයි. එතකොට ඔබේ ළඟම තියන රෝහලට ඔබ යන්න ඕන. එතකොට කෙනෙක් අහන්න පුළුවන් අපි යනකොට අනිත් අයට බෝ වෙන්නේ නැද්ද කියලා. නැහැ ඇත්තටම ලංකාවේ මේ තියෙන රෝග තත්ත්වයත් එක්ක අපි බැලුවොත් ඔබට හිතෙනවා නම් ඔබේ ජීවිතයට හානියක් වෙන මට්ටමට මේ රෝගය හැදෙයි කියලා. අනෙක් කෙනෙකුට බෝ වෙනවාට වඩා වැදගත් දේ ඔබ කොහොම හරි රෝහල්ගත වෙන්න.
ආසාදිතයින් නිවෙස්වල රැකබලා ගැනීම සිදු වෙනවා ද?
රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන්ට පමණක් නිවෙස්වලදීම ප්‍රතිකාර ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ. සංකූලතා නොපෙන්වන වයස අවුරුදු 2ත් 65ත් අතර පිරිස් රැපිඩ් ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණයකින් ආසාදිතයින් බවට තහවුරු වීමෙන් පසුව නිවෙසේ සිට රැකබලා ගැනීම පිළිබඳව තීරණය ගන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාය. එම තීරණය ගැනීමෙන් පසුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් "නිවෙස්ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතියට" මේ පිරිස ඇතුළත් කිරීම සිදු වේ. නිවෙස්ගත කෝවිඩ් ප්‍රතිකාර සඳහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් 1390 දුරකතනය හරහා රෝගියාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ඇති. 1390 දුරකතන මධ්‍යස්ථානය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයෙකුගේ අධීක්ෂණය යටතේය. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,දැඩි අවදානම් සහිත කිසි කෙනෙක් නිවෙස්වල රැක බලා ගැනීමය අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට බරපතල රෝග ලක්ෂණ තිබේ නම් කොයිතරම් හොඳින් ගෙදර ඉන්න පුළුවන්කම තිබූණත් අපි රෝහල්ගත කිරීම මිසක් එතන තබා ගැනීම අපි කොහෙත්ම බලාපොරොත්තුවන්නේ නැහැ. මේක වැරදියට පාවිච්චි කර ගනිමින් බරපතල අධිඅවදානම් රෝගීන් විවිධ ක්‍රමවේද මගින් නිවෙසේ රැක බලාගැනීමට උත්සහා කලොත් මං හිතනවා නිවසේදී මරණ වීම යම් ප්‍රමාණයකට වැඩිවෙන්න පුළුවන්