by Staff writer 09-08-2021 | 10:18 PM
COLOMBO (News 1st) - ලංකා ගුරු සේවා සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් ලාල් ප්‍රේමනාත් සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජනී පෝල්රාජ් යන මහත්ම මහත්මීන් මාතර පොලීසිය විසින් අද(09) අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.
පසුගිය ජූලි මස 20 දින මාතර නගරයේ දී ගුරු, විදුහල්පති සංගමය විසින් පැවැත් වූ පා ගමන සහ උද්ඝෝෂණයට සහභාගිවීමේදී නිරෝධායන නීති කඩකර ඇතැයි ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.
අද පෙරවරු 10.00 ට පමණ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි ගුරු සංගම් ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැය 03ක පමණ කාලයක් ප්‍රකාශය ලබා ගෙන තිබේ.
පසුව ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබුණේ, ලබන 16 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිටිමිනි.