රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි..

ආදාහනාගාරවල තදබදය නිසා රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.. - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 09-08-2021 | 9:09 AM

COLOMBO (News 1st) – එක් රැස්වී ඇති කොරෝනා මළ සිරුරු ඉදිරි දින දෙක තුළ ආදාහනය කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , කොළඹ ජාතික රෝහල , දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රාගම රෝහල ඇතුළු රෝහල් කිහිපයක එලෙස කොරෝනා මළ සිරුරු එක්රැස්වී ඇති බවයි. ඊයේ (08) දිනයේ එලෙස කළුතර රෝහලේ එක්රැස්වී තිබූ සිරුරු ආදාහනය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ , ආදාහනාගාරවල පවතින තදබදය හේතුවෙන් අදාළ මළ සිරුරු එලෙස ආදාහනය කිරීම ප්‍රමාද වූ බවය. මේ අතර නාඳුනන මළ සිරුරු ශීතකරණවල ගොඩ ගැසීම හේතුවෙන් අනෙකුත් කොරෝනා මළ සිරුරු තැන්පත් කිරීමට බාධා මතුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ඉදිරියේදී කොරෝනා රෝගීන් වැඩි වුවහොත් , ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් වෙන්කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හෙරත් මහතා සඳහන් කළේ ය.