සැප්තැම්බර් පළමු සතියේදී පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති

සැප්තැම්බර් පළමු සතියේදී පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති

සැප්තැම්බර් පළමු සතියේදී පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති

කර්තෘ Staff writer

09 Aug, 2021 | 3:59 pm

COLOMBO (News 1st) –  සැප්තැම්බර් පළමු සතියේ පාසල් ආරම්භ කිරිම අවිනිශ්චිත බව අධ්‍යාපන ආමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව මීට පෙර සැලැස්ම වූයේ, මෙම මස තුළ සියලු ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාට එන්නත් මාත්‍රා 2ම ලබා දී ක්‍රමයෙන් පාසල් ආරම්භ කිරීම බවත්, නමුත් පවතින තත්ත්වය මත එය සිදු කළ නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, මේ නිසා මාර්ගගත අධ්‍යාපනය ඉතා වැදගත් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]