තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට..

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට..

by Staff writer 08-08-2021 | 9:08 AM

COLOMBO (News 1st) – තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1යි දශම 86 ක් අද(08) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , අද අලුයම 5.35ට චීනයේ සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් එම මාත්‍රා තොගය මෙරටට රැගෙන ආ බවය. මේ වනවිට චීනයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14 යි දශම 7 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.