COLOMBO (NEWS1ST) : මෙරට තුළ සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව හෙට (08) සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කළ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කර තිබේ.
එම කාලසීමාව තුළ කල් ඉකුත් වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරනු ලබන අතර කිසිදු දඩ මුදලක් අය නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්...
