COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 98 ක් වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 47 දෙනා පිරිමි පුද්ගලයින් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 20 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 78 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
අද (07) වාර්තා කරන ලද මෙම මරණ 98 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
