.webp)
අපි අපේ ක්‍රියාමාර්ග ශක්තිමත්ව අපි පෙරට යනවා. ප්‍රශ්නය විසඳීම වෙනුවට අපි දකින්නේ විවිධ පාර්ශවවල ප්‍රකාශ පමණයි. අපි දැක්කා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔය ගුණපාල රත්නසේකර ඇතුළු විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයක් තමයි මේ ගුරු වර්ජනය සාදාරණයි මේ ගොල්ලො කියන දේ හරි නමුත් අපිට සල්ලි නෑ. ඔවුන් සඳහන් කරන්නේ ගුරු බද්ධකුත් අය කරන්න ඕන කියලා මේ මොන විහිළු කතා ද?අපි පැහැදිලිවම දන්නවා පහුගිය කාලය පුරාවටම වර්තමාන ආණ්ඩුව කරපු වියදම්. ආණ්ඩුවේ ආයතන 19 ක පසුගිය මාස හතරේ පාඩුව පමණක් කෝටි 8200 යි. නමුත් ගුරු වැටුප් සඳහා අවශ්‍ය වෙන්නේ කෝටි 6700 යි කියලා අධ්‍යාපන ලේකම්වරයා කිව්වා. පාඩුව විතරක් 8200 යි. ඒ වගේම අපි දන්නවා සීනි බදු වංචාව කෝටි 1595 යි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පාඩුව ගත්තොත් කෝටි 37,000 යි. විශාල ප්‍රමාණයක්. ඒකට අපි දන්නවා ආණ්ඩුව මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 4700 ක් ලබා දුන්නා. ඇයි මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විතරක් කතා කරන කොට මුදල්වල ප්‍රශ්න මේ මුදල් නෑ කාරණා කතා කරන්නේ. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ සරත් වීරසේකර පොලීසිය භාර ඇමතිවරයා කියනවා ගුරු උද්ඝෝෂකයින් ගැහුවත් කරබාගෙන ඉන්න. ගුරු උද්ඝෝෂණ මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඇදිලා නෑ ඉතාම සාමකාමීව තමයි ගුරුවරුන්ගේ උද්ඝෝෂණ තියෙන්නේ. මේ ඇමතිවරයා කියන ආකාරයෙන් ගහන්න කවුරුත් නෑ නමුත් උද්ඝෝෂණවලට හිරිහැර කළේ පොලීසිය. අපි ඇමතිවරයාට කියනවා පොලීසිය කරපු මේ ක්‍රියාකාරකම් ගැන හොයලා බලන්න කියලා. අනිද්දා සඳුදා කැබිනට් මණ්ඩලේදී තීරණයක් අරගෙන මේක නවත්වන්න පුළුවන්. අපිට අවශ්‍ය නෑ වගකීම් විරහිතව වැඩ කරන්න. ප්‍රශ්නෙට විසඳුමක් ආවොත් මේ උද්ඝෝෂණත් ඉවරයි ගුරු අරගලත් ඉවරයි